En  |  தமி  



ගෝලීය භාවිතය සඳහා ඩිජිටල් අත්සන් විසඳුම

ඔබගේ ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනයට සූදානම්ද? ලංකා සයින් (LankaSign) ජාත්‍යන්තරව පිළිගැනීමක් ලබා ඇති ඩිජිටල් අත්සන භාවිතා කරමින් ඔබේ විදේශ සබඳතා අලුත් මට්ටමට ගෙන යන්න.

අපගේ ටෝකන් මත පදනම්වූ සත්‍යාපන ක්‍රියාවලිය මඟින් ඔබ විදේශ පාර්ශවයන් සමඟ ලේඛන, ගිවිසුම්, සහ කොන්ත්‍රාත්තු කාර්යක්ෂමව සහ ආරක්ෂිතව අත්සන් කරගත හැකිය. ඔබේ ඩිජිටල් අනන්‍යතාවය සහ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපගේ ජාත්‍යන්තරව පිළිගත් ඩිජිටල් සහතික මත විශ්වාසය තබන්න.

ලංකා සයින් (LankaSign), සිය සේවා ජාලය පුළුල් කරමින් ගෝලීය ඩිජිටල් අත්සන් වෙළඳපොළ වෙත පිවිසෙමින් පවතී. මේවන විටත් ජාත්‍යන්තරව පිළිගත් Web Trust සහතිකය ලබාගෙන අපගේ සේවා හි ගුණාත්මකභාවය සනාථ කර ඇත. මේ අතර, මූලික සහතික අධිකාරිය ලෙස ක්‍රියාත්මක වන National Certificate Authority (NCA) අධීක්ෂණය යටතේ අපගේ සේවාවන් සැපයීමට අපි අපේක්ෂාවෙන් සිටිමු.

අපේ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට, ජාතික සහතික අධිකාරිය (National CA), වෙබ් බ්‍රවුසර් සමාගම් සහ Adobe සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටී.

බාගත කිරීම්

  Pdf Document

LPPL Certification Practice Statement In Compliance With NCA LankaSign_Ver1.0
බාගත කිරීම්  

ඔබට අපි කෙසේ උදව් කරන්නේද?

LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.

ඊමේල් ලිපිනය

  |  info@lankapay.net

  |  helpdesk@lankapay.net







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.