En  |  தமி



සනත් මනතුංග

අධ්‍යක්ෂ

මනතුංග මහතා කළමනාකරණය, ගිණුම්කරණය සහ බැංකුකරණය පිළිබඳ පුළුල් පළපුරුද්දක් ඇති විශේෂඥයෙකි. ඔහු එක්සත් රාජධානියෙහි කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (FCMA - UK) සාමාජිකයෙකු සහ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු (CGMA) ද වේ. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ගත් උපාධිදාරියෙකි. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (FIB), ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (FCMA) සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය (FCMI) යානාදියෙහි සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර ඕස්ට්‍රේලියාවේ (CPA Aust.) සහතික ලත් ප්‍රායෝගික ගණකාධිකාරීවරයෙකුද වේ.
මනතුංග මහතාගේ වසර 35කට වැඩි පළපුරුද්දත් සමඟ ඔහු Commercial Bank of Ceylon PLC හි ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක කටයුතු කර ඇත. කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට ප්‍රථම ඔහු විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කරනු ලැබීය.

මනතුංග මහතා බැංකුවේ දියුණුව හා නව්‍යකරණයන් සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කළ අතර, ආයතනික බැංකු අංශයේ උසස් තත්වයේ සේවාවන් පවත්වා ගැනීමට දායක විය. ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස, ඔහු පෞද්ගලික බැංකුකරණය , ආයතනික බැංකුකරණය, තොරතුරු තාක්ෂණය, කාඩ්පත් සහ ඩිජිටල් බැංකුකරණය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කළමනාකරණය කරමින් එම ක්ෂේත්‍ර වල සංවර්ධනයට මග සලසනු ලැබීය.

මීට අමතරව, ඔහු කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති Commercial Development Company PLC හි කළමනාකාර අධ්‍යක්ෂක සහ Commercial Bank of Maldives Private Limited හි නියෝජ්‍ය සභාපති යන තනතුරු දරයි. ඔහු Sri Lanka Banks’ Association (Guarantee) Limited හි උප සභාපතිවරයා සහ ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද ක්‍රියා කරයි.

මීට අමතරව, ඔහු Employers’ Federation of Ceylon හි සාමාජිකයෙකු ලෙසත්, The Council for Business with Britain හි විධායක සභිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු ලෙසත් සේවය කරයි.

තොරතුරු ආරක්ෂණ පිළිවෙත් සහ තොරතුරු තාක්ෂණ අවදානම් කළමනාකරණය පිළිබඳ ඔහුගේ ප්‍රවීණත්වය ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වී ඇත. 2013 දී EC-Council Global CISO සංසදයේදී "වසරේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී" යන ගෞරවනීය නාමය ඔහුට හිමිව ඇත.

සමස්තයක් ලෙස මනතුංග මහතා ලබා ඇති අත්දැකීම්, නායකත්ව ගුණාංග සහ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම තුළින් ඔහු බැංකුකරණ ක්ෂේත්‍රයේ ඉහළ වටිනාකමක් හිමිකරගෙන ඇත. විවිධ වෘත්තීය සහ අධ්‍යාපනික මුලපිරීම් සඳහා ඔහුගේ දායකත්වය ක්ෂේත්‍රය තුළ ඔහුගේ වටිනාකම් තවත් වැඩි කරයි.











නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander