We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය බැංකු ක්ෂේත්‍රයේ වසර 34කට වැඩි දේශීය හා ජාත්‍යන්තර පළපුරුද්දක් ඇති අතර, මෙම ක්ෂේත්‍රයේ ගෞරවනීය පුද්ගලයකි.
නව්‍ය සහ පුරෝගාමී බැංකුවක් වන සම්පත් බැංකුවේ ආරම්භක සාමාජිකාවක ලෙස ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. එයින් පසුව, ව්‍යාපාරික සහ ජාත්‍යන්තර බැංකුකරණය, ණය පාලනය යන ක්ෂේත්‍රවල විශේෂඥතාවක් ලබා ගනිමින්, වසර ගණනාවක් තුළ සම්පත් බැංකුවේ මූලික සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රබල දායකත්වයක් සපයා ඇත.
අයෝධ්‍යා මහත්මිය එක්සත් රාජධානියේ වරලත් කළමණාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයෙන් කළමණාකරණ ගණකාධිකරණ උසස් ඩිප්ලෝමාවක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර කළමණාකරණ පශ්චාත් උපාධියක් ලබා ඇත. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් ‘Senior Fellowship’ නාමය ලබා ගෙන ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට ඇය කළ විශේෂ දායකත්වයට පිළියමකි. ඇය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
මූලධර්ම සහ හර පද්ධති මත පදනම්වූ ව්‍යාපාරික නායිකාවක් වන අයෝධ්‍යා මහත්මිය, සාමුහික ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩිව විශ්වාස කරයි. සම්පත් බැංකුවේ ප්‍රධාන හරයන්ගෙන් එකක් ලෙස, වසර ගණනාවක් තුළ ඇය බැංකුව තුළ එම සංස්කෘතිය සාර්ථකව පවත්වාගෙන ගොස් ඇත.
අයෝධ්‍යා මහත්මිය LankaPay, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, ශ්‍රී ලංකා බැංකු සංගමය, ජාතික ණය සුරැකුම් ආයතනය, සම්පත් සෙන්ටර් සහ ලංකා මුල්‍ය සේවා බියුරෝ ආදියෙහි අධ්‍යක්ෂවරියක් ලෙසද කටයුතු කරයි.
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.