En  |  தமி



දේශීය පරිශීලකයින් සඳහා ඩිජිටල් අත්සන් සේවාව

දේශීය ගනුදෙනු වල නියැලෙන ව්‍යාපාර වෙනුවෙන් නිර්මාණය කරන ලද, ජංගම දුරකථන හරහා පහසුවෙන් භාවිතා කළ හැකි ඩිජිටල් සහතික සේවාව පිළිබඳව දැනුවත් වන්න. අපගේ නවීනතම තාක්ෂණය සමඟ, Android සහ iOS යන දෙවර්ගයේම උපාංග වෙත ඩිජිටල් සහතික ඍජුව හා ආරක්ෂිතව යැවීමේ පහසුකම ඔබට ලැබී ඇත. එමගින් ඕනෑම තැනක සිට ආරක්ෂිතව ගනුදෙනු සිදු කිරීමේ හැකියාව ඔබට ලැබේ.

ඔබගේ විද්‍යුත් අත්සන සඳහා ඉල්ලුම් කරන්න.

LankaSign මගින් ලියකියවිලි අත්සන් කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරමින් ඔබේ ව්‍යාපාරික කටයුතු නව මගකට යොමු කරයි.

LankaPay සමඟ එක්ව කටයුතු කරන අපගේ විශ්වසනීය ආයතන හරහා ඉහළම තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූල ඩිජිටල් සහතික ලබා දී ඔබේ ව්‍යාපාර කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීමට උපකාර කරන්නෙමු.

මෙය ක්‍රියා කරන්නේ කෙසේද ?

  • ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන සේවා සැපයුම්කරු තෝරා ගන්න
    ඔබට අවශ්‍ය ඩිජිටල් සහතික ලබා ගැනීම සඳහා අප විසින් අනුමත කර ඇති තෙවන පාර්ශ්වීය සේවා සපයන්නන් අතරින් ඔබට කැමති ආයතනයක් තෝරා ගන්න.
  • පහසුවෙන් එක් වන්න
    ඔබගේ දැනට පවතින ලේඛන කළමනාකරණ පද්ධති සහ වැඩ පිළිවෙළවල් සමඟ ඩිජිටල් සහතික සේවාව පහසුවෙන් සම්බන්ධ කරන්න.
  • ලියකියවිලි අත්සන් කර කළමනාකරණය කරන්න
    ලේඛන ඩිජිටල් ලෙස අත්සන් කර කළමනාකරණය කිරීමේ පහසුකම භුක්ති විඳින්න, මෙමගින් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගනුදෙනු කාලය අවම කරගත හැකිය.

ඔබට අපි කෙසේ උදව් කරන්නේද?

LankaSign සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිද? අපි ඔබට උදව් කිරීමට සූදානම්.

ඊමේල් ලිපිනය

  |  info@lankapay.net

  |  helpdesk@lankapay.net







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander