We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
2025 අගෝස්තු6 වන දින සිට ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු / ප්රධාන
විධායක නිලධාරිලෙස වයි. ඒ. ජයතිලක මහතා පත් කෙරිණි2020 පෙබරවාරිමාසයේ
දීලංකා බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයට පත් කෙරුණුජයතිලක මහතා, එතැන්
සිට නියෝජ්ය මහා කළමනාකරු(උපකාරක සේවා), නියෝජ්ය මහා කළමනාකරු(අය කර
ගැනීම් - පළාත්), නියෝජ්ය මහා කළමනාකරු(සංවර්ධන බැංකුකටයුතුහා ශාඛා ණය
මෙහෙයුම්) සහ නියෝජ්ය මහා කළමනාකරු(නිමැවුම් හා බැංකුසංවර්ධන) තනතුරුදරා
ඇත.
ආයතනික කළමනාකාරිත්වයට පත්වීමට පෙර, ඔහු2015 අප්රේල් මාසයේ සිට විධායක
කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු ලෙස සහකාර මහා කළමනාකරු (Product
Development and Business Process Re-Engineering Project), සහකාර මහා කළමනාකරු
(මධ්යම පළාත) සහ සහකාර මහා කළමනාකරු (Province Sales Management) ඇතුළුවිවිධ
තනතුරුවල සේවය කර ඇත.
මෙරට බැංකුක්ෂේත්රය ආශ්රිත ව වසර 28කට අධික පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකු
වන ජයතිලක මහතා, 1997 වසරේ දී කළමනාකරණ අභ්යාසලාභියෙකු ලෙස ලංකා
බැංකුව සමඟ එක් වූඅතර, ඒ මහතා, සහකාර මහා කළමනාකරුසහ නියෝජ්ය මහා
කළමනාකරුයන ශ්රේණිවල දශකයකට වැඩිකාලයක් සේවය කර ඇත.
පුළුල් පරාසයක බැංකුමෙහෙයුම් කටයුතුපිළිබඳ ව මනා පළපුරුද්දක් සහිත ජයතිලක
මහතා, ශාඛා මෙහෙයුම්, ණය මෙහෙයුම්, සංවර්ධන බැංකුකරණ සහ අය කර ගැනීම්ඇතුළු
බැංකුකටයුතුපිළිබඳ ප්රවීනයෙකි. විදේශ විනිමය වෙළෙඳපොළ, මූල්ය වෙළෙඳපොළ,
ප්රාග්ධන වෙළෙඳපොළ, ආයෝජන කළමනාකරණය, භාණ්ඩාගාර මෙහෙයුම් සහ විදේශීය
මෙහෙයුම් කටයුතුපිළිබඳ සිය සේවා කාලය තුළ මනා පළපුරුද්දක් ලබා ඇතිජයතිලක
මහතා, මූලික බැංකු පද්ධති, වෙළෙඳ මූල්ය සේවා, වැඩ ප්රවාහ ස්වයංක්රීයකරණය
(Workflow Automation) සහ Mobile Banking App ආශ්රිත ප්රධාන ව්යාපෘතික්රියාත්මක
කිරීමේ දීසිය නායකත්වය ලබා දීඇතිඅතර, ඒ මහතා, නිමැවුම් හා සේවා සංවර්ධනය,
ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය යන අංශ සඳහා ද සුවිශේෂීදායකත්වයක් ලබා
දීඇත.
ජයතිලක මහතා ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයෙන් ව්යාපාර පරිපාලනය පිළිබඳ
විද්යාවේදී(විශේෂ) උපාධියක් සහ කැලණිය විශ්ව විද්යාලයෙන් ව්යාපාර (මූල්ය) පිළිබඳ
පශ්චාත් උපාධියක් ලබා ඇත. එමෙන් ම ශ්රීලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්රිත
සාමාජිකයෙකුවන ඒ මහතා, බැංකුකරණය හා මූල්ය සේවා පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා
ඇත. මීට අමතර ව ජයතිලක මහතා, ශ්රීජයවර්ධනපුර විශ්ව විද්යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධිආයතනයේ උපාය මාර්ගික කළමනාකරණය පිළිබඳ උසස් පාඨමාලාව
මෙන් ම ප්රංශයේ INSEAD විශ්ව විද්යාලයේ උසස් කළමනාකරණ පාඨමාලාව (AMP)
සාර්ථක ව සම්පූර්ණ කර ඇත.
මීට අමතර ව ජයතිලක මහතා, Property Development PLC, Institute of Bankers of Sri
Lanka, Credit Information Bureau of Sri Lanka, BoC Property Development & Management
(Pvt) Limited, BoC Travels (Pvt) Limited, Hotels Colombo (1963) Limited, Ceybank Holiday
Homes (Pvt) Limited සහ BoC IT Solutions (Pvt) Limited යන ආයතනවල අධ්යක්ෂ මණ්ඩල
සාමාජිකයෙකුලෙස සේවය කරයි.
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.